Life
තෙල් සහ මේදය අධිකව ඇති සිහිනෙන්වත් නොසිතන ආහාර
සෑම හොදි වර්ගයකම පාහේ මේදය අධික ප්‍රමාණයක් අඩංගුය. ආහාර පිසීමේදී භාවිත කරන තෙල් වර්ග සහ මිටිකිරි කොටස එකතුවන්නේ හොද්දටය. එසේම ආහාර පිසීමේ ක්‍රියාවලියේ දී භාවිත කරන තාපය නිසා ආහාර කැබලි තුළ ඇති මේද කොටස් ද දිය වී හොද්දට හෙවත් ඉස්ම කොටසට එකතු වෙයි.
මෙහිදී අප දැඩිව වටහාගත යුතු කාරණයක් වන්නේ හොදි ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන නිසා හොදිත් සමඟ ආහාර ගන්නා විට සැපීමේ ක්‍රියාව නිසි ලෙස සිදු නොකොට ඉතා ශීඝ්‍රයෙන් කෙටි කාලයක් තුළ වැඩි ආහාර ප්‍රමාණයක් ගිල දැමීමට ආහාර ගන්නා කෙනා පෙලඹීමයි. ව්‍යාංජනවල හොද්ද රසයෙන් වැඩි නිසා එම තත්වය තවත් උත්සන්න කෙරෙයි. එනම් හොදිත් සමඟ ආහාර ගන්නවා යනු ඉතා කෙටි කාලයක් තුළ තෙල් වැඩි ආහාර වැඩි ප්‍රමාණයක් කුසට දමාගැනීමය. එය බර වැඩි සහ තරබාරු අයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත.
හොදි අගුණ යෑයී කී විට හොද්ද හින්දවා ලබාගන්නා වඩා ඝණකම් හොද්ද හෙවත් "බොරය" ආහාරයට ගැනීමට සමහරු පෙලඹේ. එය හොද්දටත් වඩා භයානක බව අප අවබෝධක කර ගත යුතුය. තරබාරු අය අතර වැඩිපුරම සිටින්නේ කාන්තාවන් හෙවත් ගෘහණියන්ය. එය එසේ වීමට හේතු කීපයක්ම බලපාන අතර එම හේතු ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නමුත් ඉන් ප්‍රධානතම හේතුවක් අප මෙම විස්තර කරන කොටසට අයත් වන නිසා දැන් එය සළකා බළමු.
නිවසක යම්කිසි වේලකට ව්‍යාංජන 2 ක් හෝ 3 ක් ඉව්වා යෑයි සිතමු. මෙසේ උයන ලද ව්‍යාංජන වල උඩ කොටස් ටික නිවසේ සිටිනා දරුවන්ටත් ගෘහමූලිකයාටත් අනෙක් අයටත් ගෘහණිය විසින් බෙදා දෙයි. ගෘහණියට ඉතුරු වන්නේ අඩියේ ඇති හොදි සහ බොරය අධික කොටසයි. බෙදා අතිරික්ත වී ඇති ව්‍යංජනයක් දෙස උඩින් බැලීමෙන් අප කියන මෙම කාරණය මනාව ඔප්පු කර ගත හැකිය. වඩාත්ම රසවත් මෙම අඩියේ හොද්ද, බොරය තැවරී ඇති කොටසෙන් සුළු ප්‍රමාණයක් හෝ අපතේ යනවාට ගෘහණිය කැමති වන්නේ නැත. ඒ නිසා ඇය ඇතිලියත් පිහදාගෙනම ආහාරයට ගනියි. එවිට ඒ හොදි සහ බොරය සහිත තෙල් කොටස් සියල්ලම ගෘහණියගේ ශරීරයට ඇතුළු වෙයි. එසේම ගෘහමූලිකයා සහ දරුවන් ආහාර ගෙන ඉතුරුවන කොටස් ඉවත දමන්නටත් ගෘහණියට දුකය. ඒ නිසා එම අඩු කොටස් ටිකත් යන්නේ ගෘහණියගේ සිරුර තුළටය. එවිට ඇය අන් අය අභිභවා තරබාරු විම ගැන පුදුම විය යුතු නැත.
තම පවුලේ උදවිය දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේවල් අහක දමන්නට දුක සිතීම සාධාරණය. නමුත් එසේ අනවශ්‍ය අහිතකර අහාර ප්‍රමාණයක් ගැනීම නම් අපට කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එම නිසා අපතේ යැම වලක්වා ගැනීමට අපි ඔබට ක්‍රම දෙකක් කියාදෙන්නෙමු.
1. ඔබ යම් දිනක ආහාර පිසූ විට ඉතුරු වූවා නම් ඊළ`ග දිනයේ ඉතුරු වූ ප්‍රමාණය අඩුකර උයන්න.
2. ඒත් ඉතුරුවෙනවා නම් සුදුසු තැනක ලෑල්ලක් ගසා ඉතුරු වන ආහාර එයට දමා ගිරවෙක් වෙනත් කුරුල්ලෙක් හෝ ලේනෙක් වැනි සතුන්ට කෑමට දෙන්න. එසේත් නැත්නම් බල්ලෙකුට හෝ පූසෙකුට දෙන්න. එවිට අපතේ යාමක් සිදු නොවන අතර පින් සිදු වීමක්ද වෙයි. එයටත් අමතරව වත්තට සුන්දර සතුන් ඇවිත් ආහාර ගන්නා විට අපට විශාල මානසික සුවයක්ද දැනේ.
මස් සහ බිත්තර
සියලුම මස් වර්ගවල අධික මේද ප්‍රමාණයක් අඩංගු වන අතර ඒ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර සන්තෘප්ත සත්ත්ව මේදයයි. එමනිසා ශරීර බර වැඩි අයට මස් ඉතා අහිතකරය. එහෙත් මස් කෑමට දැඩි ගිජුකමක් ඇති එයින් වැළකී සිටීම ඉතා අපහසු අයට හම සහ තෙල් කෑලි ඉවත් කළ කුකුළු මස් අධික නොවන සේ සතියකට වරක් පමණ ආහාරයට එකතු කර ගත හැකිය. එහෙත් හොඳම දෙය මස් වෙනුවට සෞඛ්‍යයට ඉතා හිතකර මාළු ආහාරයට ගැනීමට හුරු වීමයි. එබැවින් අප ඔබට නිර්දේශ කරන්නේ මස් ආහාරයට ගැනීම වෙනුවට මාළු ආහාරයට ගැනීමට හුරුවන ලෙසටයි.
බිත්තර කහ මදයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පවතී. එය එක් කහ මදයක මිලිග්‍රෑම් 250 ප්‍රමාණයකටත් වඩා වැඩිය. එයට අමතරව එහි අහිතකර මේදය ද විශාල ප්‍රමාණයක් එනම් කහ මදයෙන් 18 % ක් පමණ ඇති නිසා බිත්තර බර වැඩි අයට සුදුසු ආහාරයක් නොවේ. බිත්තර කෑමට දැඩි ගිජුකමක් ඇති අයට සතියට දෙතුන් වරක් බිත්තර සුදු මදය ආහාරයට ගත හැකිය. නමුත් කහමදය අහක දමා බිත්තර ආහාරයට ගන්නා කෙනෙක් නැති නිසා අප පොදුවේ බිත්තරවලින් වැළකීමට නිර්දේශ කරමු. එකම නිවසේ කෙනෙක් බිත්තර කහ මදය ඉවත්කර ආහාරයට ගතහොත් බිත්තර ආහරයට ගන්නා වෙනත් කෙනෙක් කහ මද දෙකක්ම ආහාරයට ගැනීමට ඉඩ ඇත. එසේ ගන්නා කෙනාට එය අනාගතයේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇත. බිත්තර නිෂ්පාදකයන් සහ සත්ත්ව නිෂ්පාදන අංශ විසින් බිත්තර සෞඛ්යාරක්ෂිත සිමාවකින් තොරව ගත හැකි ආහාරයක් සේ හුවාදක්වන්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් ඊනියා විද්‍යාත්මක පර්යේෂණ කතා ඔවුන් කීවත් ඔබ එවැනි ප්‍රචාරවලින් මං මුලා විය යුතු නැත. එසේ පවසන්නන් ඊනියා විද්‍යාත්මක සත්‍යය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී සිටින්නන් නොව මහා පරිමාණ සත්ත්ව නිෂ්පාදන බහුජාතික සමාගම් වල සුවච කීකරු ගැත්තන් බව පැවසිය යුතුය.
සියලුම බටර් සහ මාගරින් වර්ග
මේවායේ තනිකරම ඇත්තේ තෙල් සහ මේදය යි. මේවා ග්‍රෑම් 100 ක ශක්තිය කිලෝ කැලරි 900 ක් තරම් අධික ප්‍රමාණයක් අඩංගු වෙයි. මේවා කිලෝග්‍රෑමයක් ආහාරයට ගන්නා විට කිලෝකැලරි 9000 ක් ශරීරයට එකතු වී ශරීරයේ බර ද කිලෝග්‍රෑමයකින් වැඩි වෙයි. එමනිසා බර අඩු කර ගැනීමේ යෙදී සිටින අය මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. බහු අසන්තෘප්ත සූරියකාන්ත ආදී තෙල්වලින් සාදන ලද මාගරින් වර්ග තරබාරු අයටත් ගත හැකියි යනුවෙන් ගෙන යන ප්‍රචාරය ඔබව මහදවල් මුලාකිරීමක් පමණි. අනෙක් අතට බටර් සහ මාගරින් සෑදීමේ ක්‍රියාවලියේදී ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර zzට්‍රාන්ස් මේද අම්ලZZ නමින් හැඳින්වෙන විකෘති මේද අම්ල විශාල වශයෙන් සෑදේ. තරබාරු අයට ඒවා කිසිසේත්ම ගුණදායක වන්නේ නැත. සාමාන්‍ය අයටත් විකෘති මේද අම්ල දියවැඩියාවේ සිට හෘදයාබාධ හරහා පිළිකා ඇතිවීම ආදී ඉතා භයානක ප්‍රතිඵල අත් කර දෙයි.
අයිස්ක්‍රීම්, කේක්, පුඩිං, වටලප්පන්, චොක්ලට්, පැණිරස බිස්කට් සහ කිරිපැණි ඇතුළත් ආහාර කාණ්ඩය
මෙවායේ තෙල් අධික ප්‍රමාණයක් අඩංගුය. එසේම මේ සෑම එකකම සීනි ද අධික ප්‍රමාණයක් අඩංගුය. මිනිසා ලෙඩ කරවන නරකම සංඝඨක දෙක එනම් තෙල් සහ සීනි උපරිම වශයෙන් අඩංගු වන මේවා බර අඩුකර ගැනීමේ යෙදී සිටිනා ඔබට කිසිසේත්ම සුදුසු නැත. එබැවින් ඔබ මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.
මෙම ආහාර ඉතාම රසවත් බව සැබෑය. එයට හේතුව වන්නේ මේවායේ මිනිසුන්ගේ රස නහර උපරිමයෙන්ම උත්තේජනය කරන තෙල් සහ සීනි උපරිමයෙන්ම අඩංගු වීමයි.
zzවෙඩින් එකකට, පාටියකට ගිහිල්ලවත් අයිස්ක්‍රීම් කන්න හොඳ නැද්ද? මේවාට ඇති ලොල් බව නිසාම බොහෝ දෙනා අපෙන් එසේ විමසයි. අප පවසන්නේ ඔබ එසේ ඉඳහිටවත් මෙවැනි ආහාර නොගත යුතු බවයි. ඒ ඇයි කියා අපි සොයා බලමු. ඔබ අප වැඩසටහන ඉගෙන ගෙන සති 3 කට හෝ මාසයකට පසුව එවන් සාදයකට ගියා යෑයි සිතන්න. එසේ ගිය වේලේ සිට අප ඔබට කිවූ දේවල් සියල්ල අමතක කර යන විටම සංග්‍රහ කරන සීනි අධික ඩයි වතුර එකේ සිට ඔබ ආපසු එනවිට සංග්‍රහ කරන අයිස්, කිරි කෝපි එක දක්වා එහි තිබූ සියලුම දේවල් ආහාරයට ගත්තා යෑයි සිතන්න. ප්‍රධාන ආහාර වේලෙන් පසු කොත ගැසූ අයිස්ක්‍රීම් බඳුනක් හෝ විශාල වටලප්පන් කුට්ටියක්ද ගිලදැම්මා යෑයි සිතන්න. සිදුවන්නේ කුමක්ද? ඔබ බොහෝ මහන්සියෙන් කැපවීමෙන් අඩුකරගත් බර නැවතත් වැඩි වීමයි. ඔබේ සහ අපේ සාමූහික මහන්සිය ග`ගට ඉනි කැපුවා සේ අපතේ යාමයි.
අද අපේ රටේ පවත්වන මෙවැනි සාදයකට බර අඩුකර ගන්නා කෙනෙක් ගොස් එහි රැඳී සිටින වේලාවේදී පිළියෙළ කර තිබෙන ආහාර පාන වර්ග සියල්ලම බුක්ති වින්ද හොත් නැවතත් කිලෝග්‍රෑමයකින් බර වැඩි වන බව අප ඉතාම පැහැදිලිව තහවුරු කරගෙන තිබේ. එබැවින් ඔබ දුක් මහන්සියෙන් ලබාගත් ප්‍රතිඵලය රැකගැනීමට මෙවන් අවස්ථාවලදී සිත ශක්තිමත් කරගත යුතුය.
තව දුරටත් පවසන්නේ නම් ඔබ අයිස් ක්‍රීම් බඳුනක් ගිලදැමූ පසු එයින් සිරුරට එක් කරන කිලෝ කැලරි 500 කට අධික ශක්තිය දවාලන්නට පිට්ටනියකට බැස පැය එකහමාරක් දිගටම දුවන්නට ඔබට සිදු වෙයි. එසේත් නැත්නම් පැය භාගයේ ව්‍යායාම සැසි 3 ක් කරන්නට ඔබට සිදු වෙයි. මෙයින් අප නැවතත් ඔබට පෙන්වා දෙන්නේ ආශාවට වහල් වී තත්පර ගණනකින් සිරුරට ලබා ගන්නා ශක්තිය පුච්චන්නට මොන තරම් වේගයෙන් සිරුර ක්‍රියා කෙරෙව්වත් පැය ගණනක් යන බවය. වෙනත් විදිහකට කියනවානම් වැඩිකරගන්නට ඉතා පහසු බර යළි අඩුකර ගන්න යැම පණ යන තරම් අමාරු බවයි.
එවන් අවස්ථාවලදී කෙසෙල් ගෙඩියක් හෝ පලතුරු තිබෙනවා නම් ඒවායින් ඔබට ගැළපෙන ප්‍රමාණය ආහාරයට ගෙන ඉහත කී භයානක අතුරුපසවලින් සම්පූර්ණයෙන්ම වැළකෙන්න. එවන් පලතුරක් නැත්තම් අතුරුපස නොගෙනම සිටීමට හිත හදා ගන්න. ඒත් අපේ ගොඩක් අය කරන්නේ කුමක්ද? පලතුරු කැබලි වර්ග කීපයක් තිබුණත් අපේ අය ඒවා කන්නේ ඊටත් වඩා අයිස්ක්‍රීම් ප්‍රමාණයක් ඒකට එකතු කරගෙනය. එසේ කිරීම පැහැදිලිවම ගුණ දේත් අගුණ කරගෙන කෑමකි. බර අඩු කර ගන්නට සැරසෙන ඔබට එවැනි චර්යාවන් කිසිසේත්ම ගැළපෙන්නේ නෑ.
සොසේජස්, මීට්බෝල්ස්
වත්තක් උඩින්වත් ගෙනියන්න එපා
සොසේජස්, මීට්බෝල්ස්, හැම්, බේකන් ආදී සියලුම මස් නිෂ්පාදන මස්වලටත් වඩා ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකරය. මේවා නිෂ්පාදනය කරන්නේ මස්වල මස් විදිහට විකුණන්නට බැරි මේදය අධික කොටස් වලිනි. මේවා නිෂ්පාදනයේදී සත්ත්ව තෙල්
Wmqgd .ekSu